BREAKING NEWS
Search

පාසල් විද්‍යාගාරයක් ගිනි ගනී

96

පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න හටගෙන තිබූ බවය.

ඊයේ රාත්‍රී 10:30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

සිද්ධිය පිළිබඳ මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

වෙනත් පුවත්

ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකර නොමැති බව පැවසේ.

එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස්  දෙසිය හතළිහක්  ( සියයට 5.65)  ඡන්දය ප්‍රතික්ෂේප වී  ඇතැයි  එම ආරංචි මාර්ග පවසයි.

මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.

ඉන් ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,18,15,246කි.

වලංගු ඡන්ද සංඛ්‍යාව  1,11,48,006  ක් බව සඳහන්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *