BREAKING NEWS
Search

අනේ දෙවියනේ… ඒ පුංචි පැටව්.. ඉන්දියාවේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ගින්නක් නිසා සිදු වූ දේ. ලෝකයම කැළබෙයි

158
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි මහාරාණි ලක්ෂ්මිබායි වෛද්‍ය විද්‍යාලයේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ (NICU) ඊයේ (15) රාත්‍රියේ ඇති වූ ගින්නක් නිසා අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු පිළිස්සීම සහ හුස්ම හිරවීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්නෙන් තුවාල ලැබූ තවත් බිළිඳුන් 17 දෙනෙකු මේ වනවිට වෛද්‍ය විද්‍යාලයේ සහ විවිධ පෞද්ගලික රෝහල්වල හදිසි අංශයේ ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය මහ ඇමති බ්‍රිජේෂ් පතක් සඳහන් කරනවා.

එමෙන්ම ඔහු සඳහන් කර ඇත්තේ, ඇඳන් 18ක ධාරිතාවක් පමණක් ඇති වාට්ටුවේ බිළිඳුන් 49 දෙනෙකු සිටි බවයි.

බිළිඳුන් හත් දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති අතර, තිදෙනෙකු හඳුනාගෙන නොමැති බව ද ඔහු පවසා තිබෙනවා.

තවද, අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ආලෝක් සිං සඳහන් කර ඇත්තේ, සිද්ධියවන අවස්ථාවේ බිලිඳුන් 47 දෙනෙකු වාට්ටුවට ඇතුළත් කර ඇති බවත්, අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය ගොස් 37 දෙනෙකු බේරාගත් බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *