BREAKING NEWS
Search

තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට – දියණිය සහ මව රෝහලේ ‍

207

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින්  එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

අවුරුදු 47 ක් වයසැති අයි ඩී එච් වත්ත , දඩල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්  මෙලෙස බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද අලුයම නිවසට ඇතුළු වූ මුහුණ වසාගත් පුද්ගලයකු එම නිවසේ අඹු සැමි යුවළට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර  ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එහිදී රෝහල් ගතකිරීමෙන් පසු නිවෙස් හිමියා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ එම පුද්ගලයාගේ බිරිද (45) සහ දියණිය(15) මෙ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි. සැකකරු පළාගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *