ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 9.25ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකරුගේ පපුවට සහ පාදවලට වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල වී ඇති බව සදහන්.
මෙලෙස මියගියේ ගයාශාන් චතුරංග ප්‍රනාන්දු නමැති වයස අවුරුදු 30ක් වූ බඩෝවිට, 3 වැනි අදියර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සැක පළ කරන්නේ, වෙඩි ප්‍රහාරය සඳහා ටී-56 ගිනිඅවියක් භාවිත කරන්නට ඇති බවයි.
මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට අනාවරණ වී ඇති අතර, දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

















