BREAKING NEWS
Search

මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයෙකු වැසිකිළියක් තුළ මරුට

188

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථානයේ වැසිකිළියක් තුළ මිය ගොස් සිටියදී අද(14) සොයා ගත් බව කොබෙයිගනේපොලීසිය පවසනවා .

කොබෙයිගනේ පොලිස් වසමේ පිහිටි අංක 54 ,පන්නව මුස්ලිම් මහා විද්‍යාලීීය ඡන්ද මධ්‍යස්ථානයේ ,මැතිවරණ රාජකාරි සඳහා පෙරදින පැමිණි නිලධාරයෙකු මෙලෙස වැසිකිළියක් තුළ මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ .

මෙලස මිය ගොස් සිටියේ ,කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි , පොල්ගහවෙල කෘෂි පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීයෙකු ලෙස රාජකාරි කරන පනස් හත් වියැති ඒ.එම්.අසීම් නැමති එක් දරු පියෙක්

කොබෙයිගනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *