BREAKING NEWS
Search

පෙරපාසල් දරුවන් 17ක් රෝහලට

108

තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.

මෙම පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පැවති අතර තුර  පාසල් භුමියේ අඹ ගසක බැද තිබු බඹර කුඩුවක් උකුස්සෙකු විසින් ඇවිස්සිමේ හේතුවෙන් වයස අවුරුදු තුනත් හතරත් අතර වියේ පසුවන මෙම දරුවන් බඹර ප්‍රහාරයට ලක්ව තිබුණි.

පසුව එම දරු දැරියන් තලාව මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් පසුවු දරුවන් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

වෙනත් පුවත්

දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පවතින බවත් සංගමය සදහන් කරයි.දැනට අවලංගු කිරීමට සිදුවී ඇති දුම්රිය අතර කුරුණෑගල, රඹුක්කන, පොල්ගහවෙල, හලාවත, බලා ධාවනය වීමට නියමිත දුම්රිය ද වේ.

මේ නිසා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *