මැතිවරණ රාජකාරීයේ යෙදුනු නිලධාරින් දෙදෙනෙකු මරුට

501

ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරින් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කෑස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි.

ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *