BREAKING NEWS
Search

අලුත් පාස්පෝට් එකේ ප්‍රශ්නයක්

248

අලුතින් නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ ගමන් වියදම් සඳහා විදේශ විනිමය (විදේශ මුදල් හුවමාරුව) සම්බන්ධ පිටු නොමැතිවීම නිසා විදේශ ගතවීමේ දී මුදල් මාරු කිරීමට බැංකු වෙත යන පුද්ගලයන් හා බැංකු නිලධාරීන් අපහසුතාවට පත්වී ඇති බව වාර්තාවෙයි.

  • මීට පෙර පැවති පිටු 64 කින් යුතු විදේශ ගමන් බලපත්‍රයේ විදේශ රැකියා ලියාපදිංචි කිරීමේ සටහන් සහ ගමන් වියදම් සඳහා විදේශ විනිමය සම්බන්ධ පිටු කිහිපයක් තිබුණද අලුත් ගමන් බලපත්‍රයේ එම කොටස ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන්ට අනුව එම කොටස් නව විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කර නොමැති බවයි.

කෙසේ වුවද මේ නිසා විදේශ ගතවීම සඳහා විදෙස් මුදල් මාරු කිරීමට යෑමේ දී මෙන්ම විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීමේ දී ගැටලු පැන නැගී ඇති බව අප කළ සොයා බැලීමකදී තහවුරු විය. පසුගිය දින කිහිපයේ දීම මෙසේ මුදල් මාරු කළ අයට ඒ බව තහවුරු කිරීමට ඇතැම් බැංකු විදේශ ගමන් බලපත්‍රයේ රෙගුලාසි කොටස යොදා ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාණිජ බැංකු දැනුම්වත් කිරීමක් සිදු නොවී ඇති බව වාණිජ බැංකු තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළද ඒ සඳහා පිළිතුරු නොලැබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *