BREAKING NEWS
Search

ගල්කිස්සේ වෙඩි තැබීමක්. පුද්ගලයෙක් මරුට

129

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ 03 වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට සැක කරන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

වෙනත් පුවත්

ඡන්දය දාන්න යන ජනතාව අදත් බස් පෝලිම්වල

මෙවර මහ මැතිවරණ‍යේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාවට ගම්බිම් බලා පිටත්ව යාම සඳහා ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක කර තිබුණා.

කෙසේ වෙතත් මගීන් චෝදනා කළේ බස් රථ ධාවනයේ අඩුවක් පැවැති බවයි.

ඇතැම් බස්නැවතුම්පළ අසල දිගු පෝලිම්ද දක්නට ලැබුණා.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අතිරේක බස්රථ ද ධාවනයට එක් කර ඇති බවයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ කොළඹ සිට හැටන් සහ බදුල්ල බලා ධාවනය වන බස් රථවල අඩුවක් දක්නට ලැබුණා.

මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අවශ්‍ය තරම් බස් රථ යොදවා ඇති බවයි.

ඇතැම් විටෙක බොහෝ පිරිස් එකවර බස් නැවතුම්පල සඳහා පැමිණීම හේතුවෙන් ය ම් තදබදයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බවද එම නිවේදනයේ දැක්වුණා.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්ද ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව
ප්‍රකාශ කළා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *