BREAKING NEWS
Search

දිලිප්ගේ සිහිනය සැබෑ වෙයි – චීන සිත් ගත් කොත්මලේ මල් කුමාරයාගේ සැබෑ වූ සිහිනය

696
“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූණ වීඩියෝව ගැන ඔබට මතක ඇති.
මෙම වීඩියෝව මෙරට පමණක් නොවෙයි චීනය පුරාත් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙරට කඳුතර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් ඒ වීඩියෝව වෙනත් මානයක් ලොවට කියා පාන්න සමත් වුණා.

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය වගේම කෘතවේදීභාවය හේතුවෙන්.

මේ විදියට චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ ඒ වීඩියෝව කොත්මලේ ජීවත් වන දිලිප්.

මව් සෙනෙහස කුඩා කාලයේදීම දිලිප්ට අහිමි වන්නේ පවුලේ බර ඔහු කරමත තබමින්.

ඒ අනුව පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

එත් අද වෙද්දී දිලිප්ගේ සිහිනය සැබෑ වෙලා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *