මේ අයගේ නිවාඩු අවලංගුයි

120

 2024 පාර්ලිමේන්තු  මහා මැතිවරණය වෙනුවෙන්  ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා  අද (13) සිට    (15) දක්වා  කොළඹ ගිනි  නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත  සේනානායක මහතා පැවසීය

ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය  මෙන්ම, හෙට්ටියවත්ත , ගෑන්ඩ්පාස්,  වැල්ලවත්ත කොටුව හා මාදිවෙල  යන උපසේවා  ස්ථානවල  සේවකයන් 300 පමණ දෙනාගේ නිවාඩු අවලංගු කර ඇත

උපසේවා මධ්‍යස්ථානවලට අමතරව ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන කොළඹ රාජකීය  සහ ඩි එස්  සේනානායක යන විද්‍යාල භූමිවල ගිනි නිවීම් රථ දෙකක්, ගිලන් රථ දෙකක්  සූදානම් කර තබා ඇතැයිද ඒ මහතා කීය

ඊට අමතරව ගිනි නිවීමේ රථ 50 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිත මුදවා ගැනීමේ රථ 12 ක් මෙන්ම ගිලන් රථ 5 ක් ද  ඕනම මොහොතක ඕනම අවස්ථාවක පිටත් කර හැරීම සඳහා සූදානම්ව තබා ඇතැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *