හෙට ඡන්දය දාන්න යන්න ඉස්සෙල්ලා මේ ගැනත් දැනගෙනම යන්න…කොමිසමෙන් නිවේදනයක්..!

116

අනිද්දා (14) මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය පැවැත්වෙයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 71ලක්ෂ 40,354කි.දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ, ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බවයි.

ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 64,000කි. 2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් ද එක්වී සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *