චෝදනා නිසා රේගු නිලධාරීන් සැර තීරණයක් ගනී

101
රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් අද සිට නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරන පසුබිමකයි

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය දිනෙක අමාත්‍ය විජිත හේරත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එහිදී ඇතැම් පිරිස් මෙලෙස බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය වැඩි බවට අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර අමාත්‍යවරයා එහිදී බලධාරීන්ට මෙම කටයුතු විසඳීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණා

මෙවන් පසුබිමක රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *