ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ට පසුගිය දා විද්‍යුත් තැපෑලෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුලු ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.
වෙනත් පුවත්
රිලවුන් නිසා එළොව පොල් පෙනේ
එවන් පසුබිමක් තුල රිලා උවදුරු හේතුවෙන් පොල් වගාව විනාශ වන පුවතක් වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට පොල් ඇතුළු කෘෂි වගාවන් කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින්නේ එම රිලා උවදුරු හේතුවෙන්.
මෙම ගැටලුවට විසදුම් ලබා දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ ජනතාව ද රිලා උවදුරින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
මුල් අවධියේදී වෙස් මුහුණු පැළඳ රිලවුන් පළවා හැරීමට ජනතාව කටයුතු කළද මේ වනවිට එම සතුන් ඊට ද බියක් නොදක්වන බව ගම්වාසීන් ප්‍රකාශ කළා.



















