ඇවිලෙන ලිප පෙරළිමෙන් කාන්තාවක් මරුට

362

මාතලේ, විහාරපාර ප්‍රදේශයේ නිවසක ඊයේ(12) පෙරවරුවේදී ආහාර පිසිමින් සිටි කාන්තාවක් භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිළි මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ එම කාන්තාව උදෑසන කාලයේදී ආහාර පිසින අවස්ථාවේදී භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිලි ඇති බවයි.

එහිදී ඇයව මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඇය මිය ගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 34 ක් වු විහාරපාර, මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *