BREAKING NEWS
Search

විවාහක කාන්තාවක ට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයා මරුට

125

අද (12) අළුයම් කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ විජේපුර 09 ඇළ පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ව ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ උදැල්ලකින් පහරදීමෙන් එම ඝාතනය සිදුකර ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 40ක් වූ වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පවසන්නේ මරණකරු එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීම සඳහා උත්සාහ කර ඇති බවත් එහිදී එම කාන්තාවගේ සැමියා විසින් එම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බවයි.

අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *