BREAKING NEWS
Search

දුරකථනයෙන් හදුනාගත් පෙම්වතා හමුවී 15 සිසුවිය 16 පෙම්වතා එක්ක දවස් 10ක් එකට ජිවත් වෙලා

1648

වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර පෙම්වතකු සමග මාස දෙකක් දුරකථනය ඔස්සේ පෙම් කර ඔහු දුටු මුල් දිනයේදීම ඔහු සමග ගොස් පෙම්වතාගේ නිවෙසේ දින 10ක් අඹුසැමියන් ලෙස ජීවත්ව සිටියදී මඩාටුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ 15 හැවිරිදි පාසල් සිසුවියක රුපියල් ලක්ෂ 50ක් වටිනා බැදුම්කරයක් මත ඇයගේ මවට භාරදෙන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ නියෝග කළේය.

එසේම 15 හැවිරිදි දැරිය සිය නිවෙසට රැගෙන ගිය බාල වයස්කාර පෙම්වතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදාහරින ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැකිරාව මහේස්තාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්නට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

සැකකාර බාල වයස්කාර පෙම්වතා සහ පෙම්වතිය අධිකරණයට ඉදිරිපත් කරමින් මඩාටුගම පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මේ බාලවයස්කරුවන් දෙදෙනාට අඹු සැමියන් ලෙස තම නිවෙසේ ජීවත් වීමට ආධෘර අනුබල දුන් බාලවයස්කාර පෙම්වතාගේ මවට සහ පියාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවයි.

මඩාටුගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න විසින් පරිවාස දෙපාර්තමේන්තුව මට්ටමින් තවත් වෙනම විමර්ශනයක් සිදුකරයි.

-මව්බිම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *