BREAKING NEWS
Search

ඔන්න සල්ලි වැටිලාලු… ලක්ශ ගණනකගේ බැංකු ගිණුම්වලට, අද ලැබුණු ප්‍රතිලාභය…

1167

නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනා එම ප්‍රතිලාභීන්ට අද බැංකුවලින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව නොවැම්බර් මාසයේදී දිළිඳු පවුල් 1692481කට රුපියල් කෝටි 1093ක මුදලක් ලබාදීමට නියමිත බවද එම මණ්ඩලය ප්‍රකාශ කළ බව සඳහන්.

මෙම සියලු මුදල් ඊයේ වන විට බැංකු ගිණුම් ගත කර තිබෙන අතර ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් එම මුදල් අද 12 සිට ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

වෙනත් පුවත්

අලියාගේ පහරින් 84 හැවිරිදි මව මරුට

එප්පාවල කටියාව යාය 10 ප්‍රෙද්ශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කටියාව, යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී නමැති 84 හැවිරිදි මවකි.

අද(12) අලුයම් කාලයේදී එම කාන්තාව මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය නිවසින් එළීයට බැස ගෙමිදුලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ගෙවත්තේ සැඟව සිටි වන අලියකු එම කාන්තාවට මෙලෙස පහරදී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *