BREAKING NEWS
Search

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිට වැඩ වරදී

112

පොතක කොළයක් ඉරා දැමීමට දඬුවමක් ලෙස සිසුවෙකුට ලාඩප්පා පොල්ලකින් පහර දුන්නේ යැයි සැකපිට විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අද (නොවැ. 11) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, නිවිතිගල ප්‍රදේශයේ පාසලක දහවන වසරේ ඉගෙනුම ලැබූ පිරිමි දරුවෙකි.

පහරකෑමට ලක්වූ සිසුවා නිවිතිගල වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, සිසුවා රෝහලේ ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට පැමිණ ඇති බව ය.

නොවැම්බර් 8 වන දා චෝදනා ලද විදුහල්පතිවරයා විසින් මෙම සිසුවාට පොතක කොළයක් ඉරා දැමීමට දඬුවම ලෙස ලාඩප්පා පොල්ලකින් කොන්දට පහර දී ඇතැයි දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව, මෙම විදුහල්පතිවරයාගෙන් පොලිසිය ඊයේ (නොවැ. 10) ප්‍රකාශයක් ලබා ගෙන තිබූ අතර දෙපාර්ශවය ම අතර එකඟතාවට නොපැමිණී නිසා විදුහල්පතිවරයා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

එල්. නිරෝෂණ – කහවත්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *