සාදයක් අතර නෙළුම් කුළුණ ආරක්ෂකයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය පසුපස පාතාලයේ සාමාජිකයෙකුගේ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ සිද්ධියක් ඇති බව විමර්ශන අංශ හෙළිදරවු කරගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන මෙම පාතාලයා ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකුගේ පුතෙක් බවත් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
මෙම පාතාලයා ස්පා ආයතනයක සේවය කරන සුරූපී තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව ඇය වෙනත් තරුණයෙක් සමග ද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබේ.
ඇය එම සම්බන්ධතාවය ගොඩනගාගෙන තිබී ඇත්තේ නෙළුම්කුණ ආරාක්ෂක සේවයේ නියැලි අංගොඩ ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයෙක් සමගය. මේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සැලවීමත් සමග පාතාලයා වියරු වැටී ඇත.
ඔහු මීට දින කීපයකට පෙර විදෙස් රටක සිට අදාල තරුණයාට දුරකථන ඇමතුමක් දී ඔහුට තර්ජනය කර තිබේ. සාදය අතර වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඉන් අනතුරුවය. නෙළුම් කුලුන පරිශයේ සාදය පැවැත්වෙද්දී වෙඩික්කරු ඇවිදගෙන අදාල ආරක්ෂකයා වෙත පැමිණ ඔහුගේ මුහුණට වෙඩි තබා පලා ගොස් ඇත. සැකකරු මෙතෙක් හඳුනාගෙන නැත. සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු සොයා විමර්ශන කරන බව පොලිසිය පවසයි. ටෙලි නාට්‍ය නළුවාගේ පාතාල පුතුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.
වෙඩි වැදී බරපතල තුවාල ලැබූ තරුණයා මේ වනවිට ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි. ඔහුගේ මුව ප්‍රදේශයට වෙඩි පහර එල්ල වී ඇති බව පොලිසිය කියයි. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




















