BREAKING NEWS
Search

රත්තරන් ගන්නවා නම් මෙන්න වෙලාව… නොසිතූ ලෙස රන් මිල පහළට…

785
පසුගිය සතියට සාපේක්ෂව අද දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.


ඒ, අනුව මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 රන් පවුම රු. 202,800.00ක් ලෙස සදහන්.

කැරට් 24 රන් පවුම රු. 221,150.00ක් ලෙස සටහන් වෙනවා.

අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 – රු.27,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.221,150.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,350.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.202,800.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.24,200.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.193,550.00

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප

පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව… 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානවට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *