මේ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් දැන් කාලෙකට කලින් ඉඳලා ඓශ්වර්‍යා කාලය ගත කළේ නම් තනියම කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ..
මේ ඇසෙන හැම කතාවක්ම ඇසෙන අතරේ තමයි අයිෂ් තමන්ගේ උපන්දිනය මේ විදියට සැමරුවේ… ඒ කියන්නේ ඇයත් දැන් බච්චන් පවුලෙන් සමුගන්න හිත හදාගෙන වගේ.. ඒ දේවල් එහෙම වුණත් සමාජ මාධ්‍ය ඇතුලේ මේ වගේ කතා සංසරණය වුණත් තවමත් මේ දෙන්නාගේ වෙන්වීම නිල වශයෙන් මේ යුවළ කිසිම තැනක කියලා නෑ…
කොහොම වුණත් රැජණක් වගේ ජීවත් වෙන්න පුළුවන් වුණු අයිෂ් කාලයක් තිස්සේ අඳුරු ජීවිතයක් ගත කළ බව රහසක් නෙවෙයි.. ඇගේ ජීවිතයේ ඇයට හිමි තැන ගත්තේ නිම්රත් කෞර්ද..?
බොහෝ දෙනා ඒ ගැන පළවන ඡායාරූප අදියෙන් ප්‍රශ්න කරද්දී ඉන්දියාවේ තව තව නම් අභිශේක්ගේ මේ නමත් එක්ක පටබැඳිලා තියනවා..
කොහොම වුණත් අභිශේක්, ඓශ්වර්යා සහ ආරාධ්‍යා ලස්සන චූටි පවුල ආයේ කවදාවත් අහන්න දකින්න කිසිවෙකුට නොලැබේවි කියන සැකය නම් බොහෝ දුරට මේ වෙද්දී ප්‍රශ්‍යක්ෂ වී තිබෙනවා කියලා ඉන්දියාවේ නිල නොවන මාධ්‍යවලින් පළවන අදහස්වලින් කියන්න පුළුවන්…





















