නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ කළ යුතු බව අවධාරණය කරයි.
අද (11) පැවැත්වෙන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර විකාශය කිරීම හෙට(12) දා රූපවාහිනී හා ගුවන් විදුලි විකාශවල එක් ප්‍රධාන ප්‍රවෘත්ති ව්කාශයකට පමණක් සීමා කළ යුතු බවත් පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී වෙනත් විස්තර හෝ අදහස් නොමැතිව පුවත්පතේ පුවත් සිරස්තලය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
අද පැවත්වෙන ප්‍රචාරක රැස්වීම් වාර්තා හෙට (12) පුවත්පත් හා ඒවායේ සමාජ මාධ්‍ය ජාලාවන්හි පල කළ හැකිවේ.
අනෙකුත් සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකී කොන්දේසි අදාලවන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එමෙන්ම 13 හා 14 දෙදිනෙහි පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත් ලෙසකින් මැතිවරණයේ දේශපාලන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හෝ පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හෝ අගතියට පත්වන අන්දමේ කිසිදු පුවතක් හෝ පළ නොකළ යුතුබවටද මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලට කොන්දේසි පනවා තිබේ.



















