BREAKING NEWS
Search

පියාගේ ජිප් රථයට යටවී අවාසනාවත ලෙස ජිවිතයෙන් සමුගත් කුඩා දරුවා

678

මරදාන – දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් වන අතර ඊයේ (10) දහවල් පියා විසින් නිවස අසල ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *