BREAKING NEWS
Search

බස් රථයක් නිවස තුළට කඩා වැදී සිදු වූ බිහිසුණු අනතුර

261
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන 07.20ට පමණ එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ නිවසක බිත්තියක්ද පෙරලාගෙන අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියැදුරු සුළු තුවාල ලැබූ අතර එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ නිවසේ කුඩා දරුවෙකු සහ විවාහක යුවළක් සිටියද ඔවුන් ඇතුළු කාමරයක සිටීම නිසා නිවැසියන්ටද කිසිදු හානියක් සිදුවී නැහැ.

කෙසේ වෙතත් නිවස තුළට බස් රථය කඩාගෙන යෑම හේතුවෙන් නිවසේ බිත්ති කීපයක් සහ වහලට මෙන්ම එහි තිබූ වී තොගයකටද බරපතල හානි සිදුව තිබෙනවා.

අනතුරට ලක් වූ බස් රථය බදුල්ල සිට අනුරාධපුර බලා ධාවණය වෙමින් තිබූ අතර බස් රථයේ අනතුරට ලක්වන අවස්ථාවේ මගින් තිස් දෙනෙකු පමණ මෙහි සිට තිබෙනවා.

පාසල් ගුරුවරුන් ඇතුළු කාර්යාල සේවකයින් රැසක් දෛනිකව ගමන් ගන්නා මෙම බස් රථයේ ගමන් ගත්තද අද ඉරිදා දිනයක් වූ හෙයින් මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවද අනතුරට ලක් වූ බස් රථයේ සිටි මගීන් පවසා සිටින්නේ.

අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් බවට මූලික විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *