BREAKING NEWS
Search

වරායේ රැකියා වලට බදවා ගත් පිරිසක් හදිසියේ රැකියාවලින් ඉවතට

625

කළමණාකරණ අභ්‍යාසලාභීන් ලෙස බදවා ගත් පිරිසක්, එම රැකියා කටයුතුවලින් හදිසියේ ඉවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර ඇති බවට එම අභ්‍යාසලාභීන් චෝදනා කරනවා.

අදාළ පිරිස පෙන්වා දෙන්නේ පුවත්පතක පළවූ දැන්වීමක් මත මෙම රැකියා අවස්ථාවන් පිළිබද තමන් දැනුවත් වූ බවයි.

අනතුරුව පැවති තරග විභාගයන් තුළින් නිවැරදි ආකාරයෙන් සමත් වී, තෝරාගැනීමේ පටිපාටියට සාර්ථකව මුහුණ දී තමන් මෙම රැකියා අවස්ථාව සදහා ප්‍රවේශ වූ බව මෙම අභ්‍යාසලාභීන් පිරිස පෙන්වා දෙනවා.

කළමණාකරණ අභ්‍යාසලාභීන් 50 දෙනෙකු ඊට අදාල පත්වීම් ලිපි ලබා ගෙන ඇති අතර අවශ්‍ය කරුණු සියල්ල සම්පූර්ණ කර වරාය අධිකාරියේ පාලන අධිකාරයට භාරදීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයත් සමග තමන්ට සිදු කරමින් සිටි පුහුණු වැඩසටහන තාවකාලිකව නවතා දැමූ බවත්, මේ වනතුරු එම වැඩසටහන ආරම්භ කිරීම පිළිබද කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කළමණාකරණ අභ්‍යාසලාභීන් විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරන් සමග සාකච්ඡා සිදුකළ ද, ඒවා ද සාර්ථක වී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *