නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (9) උදෑසන බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු අනාවරණය කරගනිමින් සිටියි.
වෙනත් පුවත්
මාතර ගංවතුර ඇතිවීම වළක්වන්න රජය කඩිනම් විසඳුම් සොයයි
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගතවීම කෙරෙහි බලපාන හේතු සොයාබලා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කුඹුරු වෙත කරදිය පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට කරුණු ඉදිරිපත් වී ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ.
ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් මෙන්ම වගා බිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේ ද යන්න සඳහා ස්ථීර විසඳුම් ලබාදීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව එහිදී තීරණය වී ඇති බව සඳහන්ය.
අදාළ අධ්‍යයනය සිදුකර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබාගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව ලබා දුන් බවද ජනාධිපති මාධය අංශය පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත.


















