BREAKING NEWS
Search

ජනපති අනුරගෙන් පාසැල් දරුවන්ට හිමිවන තවත් විශේෂ දීමනාව

157

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැවසීය.

අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන සහන දීමනාව  හැඳින්වූ ජනසවිය සමෘද්ධිය දිවිනැගුම ආදී ලෙස බලයට පත් රජයන් එම  නම් මාරු කළද දැනට ඒ සදහා  භාවිතා කරන අස්වැසුම නම තම රජය විසින් මාරු නොකරන බවකි ජනාධිපතිවරයා කොයි නම තිබුනත් තමන්ට කමක් නැතැයිද කීය.

කෙසේ වෙතත් අස්වැසුම නොලැබුණු සියලු දෙනාට නැවත අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද  හෙතෙම කීය.

මෙම රට ගොඩනංවා ප්‍රතිලාභ ලැබෙන තෙක් එම ජනතාව රැක ගැනීම රජයේ බලාපොරොත්තු ව යැයිද  පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කලේ කෑගල්ල නගරයේ නිදහස් මාවතේ  අද සවස පැවැති “රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් යුත් ජන හමුව අමතමිනි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *