BREAKING NEWS
Search

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් නවතී

215

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවය.

වෙනත් පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ අද (08) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වන බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා ‘විමසිලිමත් බවින් සිටින’ ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *