ඡන්දය දැමීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලැබෙන ආකාරය ගැන පැෆරල් සංවිධානයේ විදායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.
ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී නිවාඩු ලැබෙන ආකාරය ගැන රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කල ආකාරය පහතින්
පැමිනිලි කීහිපයක් ලැබිලා තිබෙනවා. නිවාඩු ලබා නොදීම පිළිබඳව. අපි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ රටේ නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට රටේ මූල්‍ය කළමනාකරණය කරන තැනට මහජන නියෝජ්‍ය පත් කරගන්නේ ඒක තීරණාත්මක මැතිවරණයක අපි ඉන්නේ.
ඒ නිසා සෑම පුරවැසියෙකුටම ඡන්ද බලය හිමි සෑම කෙනෙකුටම චන්දය භාවිතා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු වනවා.ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසම මීට අදාල නීතිමය තත්ත්වයක් පැහැදිලි කරලා තිබෙනවා කිලෝමීටර් 40කට අඩු දුරක් සඳහා දින භාගයක නිවාඩුවක් ඕනම ආයතන හිමිකරුවෙක් ලබාදිය යුතු වෙනවා.
ඒ වගේම කිලෝමීටර් හතළිහක් සීයක් දක්වා දිනයක නිවාඩුවකුත් සීයට එකසිය පනහක් දක්වා දින එක හමාරක නිවාඩුවකුත් කිලෝමීටර් 150ට වඩා වැඩිය දුරක් තිබෙනවා නම් ඒ සඳහා දින දෙකක නිවාඩුවකුත් අවම වශයෙන් මේ සේවායෝජකයින් ලබාදිය යුතු වෙනවා.
යම් කෙනෙක් ලිඛිතව ඉල්ලීම් කරලා තියෙන තත්ත්වයකදී එසේ නිවාඩු ලබා දෙන්නට ක්‍රියා කරන්නේ නැත්නම් ඔහු නීතිය ඉදිරියේ වරදක් කරනවා.
ඒ නිසා අපි සියලුම සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඔබේ ආයතනයේ ඔබත් සමග වැඩ කරන පිරිසට මේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරගන්න තමාගේ නීති සම්පාදකයන් තෝරගන්න මේ මැතිවරණයේදී අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න.
ඒ සදහා ප්‍රමාණවත් නිවාඩු ලබා දෙන්නට ක්‍රියා කරන්නට කියලා අපි සියලුම සේවා යෝජකයින්ගෙන් ඉතාම කරුණාවෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටින්නට කැමති.




















