BREAKING NEWS
Search

අම්පාරේ උසාවි නඩු බඩු කාමරයේ තිබුණු රත්තරන් වලට අමුතු දෙයක් සිදු වෙලා

148

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව ඇති බව අම්පාර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මේ ගැන පෙරේදා (6) අම්පාර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

නඩු භාණ්ඩ වශයෙන් පැවැති මෙම රන් භාණ්ඩ සොරාගෙන ගිය දිනයක් නිශ්චිතව කිව නොහැකි බව ද රෙජිස්ට්‍රාර්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

1998 වසරේ සිදුවූ කොල්ලකෑමකට අදාළව පොලිසිය සොයාගත් මෙම රන් භාණ්ඩ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩාවේ තැන්පත් කර තිබුණේ යැයි අම්පාර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අම්පාර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වති.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *