ඉන්දියාවේ රායිපූර් ප්‍රදේශයේ පදිංචි ෆයිසාන් නැමැති පුද්ගලයෙකුට අයත් දුරකතනයකින් මෙම මරණ තර්ජන එල්ල වී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පවසන්නේ තමන්ගේ දුරකතනය නොවැම්බර් 02 වන දින සිට අස්ථාන ගතව ඇති බවත් ඒ පිළිබඳව ඔහු පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවත් ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාරුක් ඛාන් විසින් මුම්බායිහි බන්ද්‍රා පොලිස් ස්ථානය වෙත ද පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට මුම්බායිහි පොලිස් කණ්ඩායමක් රායිපූර් වෙත ගොස් ඇති බවයි.


















