BREAKING NEWS
Search

ජනාධිපති සහ අගමැතිනිය අතර විරසකය ගැන අගමැතිනිය හරිනි හෙළිකරයි

701

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ තමා කිසිදු විරසකයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් අත්තිඩිය පොළ පැවැති ජනහමුවට එක්වෙමින්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාවතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න පත්කිරීම සම්බන්ධයෙන් තමා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිවී ඇතැයි පසුගිය දිනක ප්‍රධාන පුවත්පත පළකොට තිබූ වාර්තාව සම්පුර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

අපි අතර කිසිදු ප්‍රශ්ණයක් මෙන්න තරගයක් නොමැති බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර කවදාද අවසන් වෙන්නේ යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය එහිදී ජනතාවට කියා සිටියේ බය නොවි ඉන්නා ලෙසත් මේ රට අනිවාර්යෙන්ම හදන බවයි.

රට හදන වැඩපිලිවෙල දැනටමත් ආරම්භ කර තිබෙන බව ඇය කියා සිටියා.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයෙන් සියයට තුනට බස්සපු වේලාවේ මේ සටන අතහැර දාලා ගියේ නැති බව ඇය කියා සිටියා.

එදා හිනා වු අය අද පාර්ලිමේන්තු මැතිවරණයට පවා ඉදිරිපත් නොවි පැනලා ගොස් ඇති බව ඇය අවධාරණය කර සිටියා.

මැතිවරණයක් තියෙනවා කියලා මේ වන විට පෙනෙන්නට නැති බවත් පාර දිගටම තියෙන්නේ තම පක්ෂයේ සුදානම පමණක් බව ඇය අනාවරණ කර සිටියා.

විපක්ෂය ගන්නවත් මේ සිටින පිරිස් කිසිදු සුදානමක් නොමැති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *