BREAKING NEWS
Search

සහල් මිල ගැන පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි

149

පාලන මිලට වෙළඳපොලේ සහල් නොමැති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගනවා.

සහල් මිල සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහක් ඇතිවූයේ ඇතැම් සහල් වර්ගවල හිඟයක් මතුව තිබූ පසුබිමක පාලන මිලට සහල් මිලදී ගැනීමට නොමැති බවට ජනතාව මැසිවිලි නැගීම හේතුවෙන්.

පසුගියදා ජනාධිපතිවරයා සහ සහල් ව්‍යාපාරිකයින් අතර පැවැති සාකච්ඡාවකදී සහල් ව්‍යාපාරිකයින් එකඟ වී තිබුණේ පාලන මිලට සහල් ලබා දීමටයි.

එලෙස පාලන මිලට අනුව සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ කීරි සම්බා කිලෝවක් රු. 260ක්, සම්බා කිලෝවක් රු. 230ක් සහ නාඩු කිලෝවක් රු. 220ක් සහ , රතු කැකුළු කිලෝවක් රු. 210ක් ලෙසයි.

ඊයේ (25) දිනයේද ජනාධිපතිවරයා හා කෘෂිකර්ම, වෙළෙඳ අමාත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අතර සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති අතර සහල් ව්‍යපාරිකයින් ද හමුවූ ජනාධිපතිවරයා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ නොදන බව සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ පාලන මිලට වෙළෙඳපොලේ සහල් නොමැති බවයි.

මේ අතර පොල් මිලද තවමත් පවතින්නේ ඉහළ අගයකයි.

කෙසේ වෙතත් මේ දිනවල එළවළු මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි ජනතාව ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *