ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක් ගින්නක් ඇති කර ඇති බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මැද කොළඹ ආසනයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු කියා සිටියේ නැවත වරක් රටේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග කුඩා වී රජයේ දුර්වලතාව තුළ වියදම් වැඩි වී ඇති බවයි.
එමෙන්ම අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියා සිතු බව ද ඔහු කියා සිටියා.
තව ද ජනතාව තුන් වේල කන්නේ අමාරුවෙන් වුවත් අද වන විට පොල් පෝලිමක් පවා නිර්මාණය වී ඇති බවත් ජනතාව මෙය අපේක්ෂා නොකළ බව සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත් ජනතාවගේ දුක්ගිනි වැඩි කරන මේ යුගය අවසන් කර සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙසත් ඒ තුළින් අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර අත මිට සරු කරන යුගය බිහිකිරීමට එක්වන ලෙස ඔහු අනාවරණ කර සිටියා.
ගෑස් ටැංකියෙන් ඉදිරිපත් වු අපේක්ෂකයා මහමැතිවරණය ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේවත් නොමැත බවත් ඔහුට ජන්දය දුන් ජනතාව අනාථ වී ඇති නිසා ඒ අයට සමගි ජන බලවේගය සමග අත්වැල් බැද ගන්නා ලෙස ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කර සිටියා.
ජනතව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන ජීවත් වන අයිතිය රැකගන්නා යුගක් අපේක්ෂා කරන බවත් වේල් තුන කා සිටිය හැකි ශක්තිමත් ජන ජීවිතයක් අපේක්ෂා කළත් ඒ බලාපොරොත්තු සුන් වී ඇති බවත් පැවසු සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.




















