BREAKING NEWS
Search

ගබ්සාවට අකමැති වූ පෙම්වතියට පෙම්වතා කරපු අහස පොළව නුහුලන අපරාධය ..

419

තරුණ පෙම්වතා විසින් සිය 19 හැවිරිදි පෙම්වතිය ඝාතනය කර වළ දැමූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (26) වාර්තා කරනවා.

විවාහ පීඩනය මත පෙම්වතා විසින් සිය 19 හැවිරිදි ගැබිණි පෙම්වතිය මෙලෙස ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බටහිර දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සෝනි නැමැති තරුණිය සිය පෙම්වතා අතින් ගැබ්ගෙන තිබෙනවා. එහිදී සලීම් නැමැති පෙම්වතා පවසා ඇත්තේ දරුවා ගබ්සා කිරීමට ඔහුට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඊට පෙම්වතිය කැමැත්තක් දක්වා නොමැති අතර, ඔහු හා විවාහ වීමට අවශ්‍ය බව ඇය පවසා තිබෙනවා.

ඊට පෙම්වතා කැමැත්තක් දක්වා නොමැති අතර, එම පීඩනය මත ඔහු විසින් සහායකයන් දෙදෙනෙක් සමඟ එක්ව පෙම්වතිය ඝාතනය කර ඇයගේ සිරුර වළ දමා ඇති බවයි අනාවරණය ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර සලීම් සහ ඔහුගේ එක් සගයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා පොලිස් විමර්ශන අරඹා තිබෙනවා.

පොලිස් නිලධාරීන් පැවසුවේ සෝනි නැමැති තරුණිය ඝාතනයට ලක්වන විට ඇය මාස හතක ගැබිනියක්ව සිටි බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *