නිල් සිනමාව’ එහෙම නැත්තම් ‘කාමුක සිනමාව’, තව විදිහකින් කිවුවොත් ‘බ්ලූ ෆිල්ම්’…. (එකි මෙකී නම් රාශියකින් දැනටමත් හැමෝම දන්න !!)
ලංකාව වගේ රටක ‘අතිශය භයානක’ කතාවක් වුණත්, ‘නිල් සිනමාව’ කියන්නෙ අමරිකාව වගේ රටවල ‘කර්මාන්තයක්’ විදිහට ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක්. (එහෙම වුණත් ඒක අතිශය සුන්දර කතාවක් නම් නෙවෙයි!!)
‘නිල් සිනමාව’ වෙනුවෙන් එන යන ‘නිළියන්’ සාමාන්‍ය ‘නළු නිළියන්’ වෙන්නෙ නැහැ. ඔවුන්ට ‘නිල් සිනමා කර්මාන්තය’ ඇතුළේ තියෙන ‘නීති රීති’වලට අනුගත වෙන්න වෙනවා.
උදාහරණයක් විදිහට කිවුවොත්, එයාලා කැමති විදිහේ දේවල් අත්හදා බලන්න හරි, එයාලා කැමති විදිහේ ඇඳුම් ආයිතම් අඳින්න හරි පුළුවන්කමක් ලැබෙන් නැහැ.
ලින්ඩා ලව්ලෙස් ඇය රචිත කෘතිය අතැතිව.. Wikipedia
මේ ‘අපායට’ ඇතුළු වුණාට පස්සෙ එයාව ප්‍රේක්ෂකයින්ට එපා වෙනකන් එයාට මේක ඇතුළේ ඉන්න පුළුවන්. (එහෙම ඉන්න හැමෝටම බෑ! සත්තකින්ම ගොඩක් අය එළියට වීසි වෙනවා !!)
‘නිල් කර්මාන්තය’ ඇතුළේ ඉන්න බොහෝ පිරිසක් අහම්බෙන් ‘ජනප්‍රියත්වය’ උරුම කරගත්ත අය. (ඒ කියන්නෙ එයාලා ‘නිල් නිළියක්’ වෙන්නම ආපු අය නෙවෙයි!!)
නමුත්….
එහෙම නෑවිත්, ‘කාමුක නිළියක්’ වෙන්නම හීන මවන සුරූපිනියනුත් ඉන්නවා.
මේ කියන්න හදන්නෙත්, අහම්බෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැඟි ‘කාමුක තරුවක්’ නැත්තම් ‘නිල් චිත්‍රපට නිළියක්’ ගැන කතාවක්.
ඇය නමින් ‘ලින්ඩා ලව්ලේස්’ (Linda Lovelace).
ලින්ඩා කියන්නෙ 1970 දශකයේ අතිශය ජනප්‍රිය වූ නිල් චිත්‍රපට නිළියක්. නමුත් ඇගේ ඒ ‘ජනප්‍රියත්වය’ පිටුපස තිබුණේ වෙනස්ම විදිහේ සංවේදී කතාවක්. (මේ ගැන ඇය පොතක් එහෙමත් ලිවුවා!!)
ලින්ඩා උපත ලබන්නෙ 1949 අවුරුද්දේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිවුයෝක් පුරවරයේ.
ඇය ගැන ලොකු කතාබහක් ඇතිවෙන්න ආසන්නතම හේතුව වුණේ ඇය විසින් රඟපෑ Deep Throat කියන නිල් චිත්‍රපටය. අනතුරුව ඇය කවුරුත් දන්නා කියන චරිතයක් බවට පත්වනවා. (මෙම Deep Throat නිල් චිත්‍රපටය තුළ ලිංගික දර්ශන අසීමාන්තික ලෙස පෙන්වා තිබූ අතර, ඊට බොහෝ පිරිස් සිය විරුද්ධත්වය ද පළ කළා.)
මහන් ආන්දෝලනයක් ඇති කළ ඇය රඟපෑ Deep Throat චිත්‍රපටයේ දර්ශනයක්.. Getty Images
ලින්ඩාගේ කුඩා අවධිය අන් දරුවන්ට මෙන් ඈට ‘සුන්දර’ වුණේ නැහැ. ඇයට නිරන්තරයෙන් ඇගේ මවගේ තාඩන පීඩනවලට ගොදුරු වන්නට සිදුවුණා.
අනතුරුව ඇයට චක් ට්‍රේනර් (Chuck Traynor) නම් තරුණයෙක් මුණ ගැසෙන අතර, ඇය ඔහු සමඟ පෙම් සබදතාවයක් ආරම්භ කළා. ‘හොඳම කෙනා ඔහු’ යැයි සිතුවත්, පවුලෙන් ගැළවීමට ඔහු සොයා ගියා වුණත්, සත්‍ය වශයෙන්ම චක් ඇය සිතූ අන්දමේ කෙනෙක් වුණේ නැහැ.
සිදුවූයේ ඇය සිටියටත් වඩා දුක්ඛිත තත්ත්වයකට පත් වීමයි. චක් ඇයට අසැබි චිත්‍රපටවල රඟපෑම සඳහා බල කරන්නට වුණා.
“ඔහු මගේ ජීවිතේ හැමදේම පාලනය කරන්න ගත්තා. ඒවා කළේ නැත්තම් මට ශාරීරික හානි කරනවා කියලත් ඔහු තර්ජනය කළා…” (පසු කලෙක ඇය මෙසේ චෝදනා නඟා තිබුණත්, චක් ඒවා ප්‍රතික්ෂේප කළා.)
Deep Throat ‘කුණාටුවක්’ බවට පත් වූ අතර ඇය එහි රංගනයේ යෙදුණේ කාමුක නළුවෙකු වන හැරී රීම්ස් සමඟිනු යි. Getty Images
ඇගේ වඩාත් සුප්‍රසිද්ධ චිත්‍රපටය වූ Deep Throat ‘කුණාටුවක්’ බවට පත් වූ අතර ඇය එහි රංගනයේ යෙදුණේ කාමුක නළුවෙකු වන හැරී රීම්ස් සමඟිනු යි.
මෙම කතාව ගෙතී තිබුණේ සිය ලිංගික අපේක්ෂා භංගත්වය නිරාකරණය කරගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමට යන තරුණියක් වටා යි.
එකල නිකුත් වූ අන් චිත්‍රපට මෙන් නොව මෙහි හාස්‍ය මුසු කරන්නට ද නිෂ්පාදකවරුන් කටයුතු කර තිබුණා. අවසානයේ ඩොලර් මිලියන 600ක ආදායම් උපයා ගන්නට චිත්‍රපටයට හැකිවුණා. (ඩොලර් 25,000ක්වත් වියදම් කරපු නැති චිත්‍රපටියකට එච්චර ලැබුණා කියන්නෙ, වාව් !!)
නමුත් ලින්ඩා , තමන් මෙපමණක් වූ මුදලක් නුදුටු බවත්, ඇගේ සැමියා ට පමණක් ඩොලර් 1250ක් ලැබුණූ බවත් පසුව ප්‍රකාශ කර තිබුණා.
චිත්‍රපටයට එරෙහි බොහෝ පාර්ශ යුද ප්‍රකාශ කළ අතර, ක්‍රිස්තියානි නායකයින් පවා මෙහි එන ‘ලිංගික දර්ශන’ විවේචනය කරන්නට වුණා. චිත්‍රපටයේ පිටපත් පවා පසුකාලීනව පොලිසිය සිය භාරයට ගත් නමුත් ‘ලින්ඩා ලව්ලේස්ට’ නීතිමය අභියෝග කිසිවක් ඇති වුයේ නැහැ.
නමුත් Deep Throat වඩාත් ජනප්‍රියතම කාමුක චිත්‍රපටය බවට පත් වූ අතර, ප්‍රවේශ පත්‍ර අලෙවිය ද වැඩි වන්නට වුණා.
Deep Throat චිත්‍රපටයෙන් අනතුරුව ලින්ඩා රඟපෑ චිත්‍රපට දෙකක්ම සැළකිය යුතු ආදායමක් උපයා ගන්නට සමත් නොවීමත් විශේෂත්වයක්.
සිය සැමියා ගැන නොවලහා හෙළිදරවු කළ ඇය සැමියා තමන්ට හිංසා සිදු කොට තෘප්තිමත් වූ අයුරු ද කියා තිබුණා.
‘ඔහු මාව බය කළේ තුවක්කුවක් පෙන්නලා. නිතරම අසභ්‍ය ක්‍රියා කරන්න ඔහුට වුවමනා වුණා..’ ලින්ඩා සිය කෘතියේ මේ බැව් සඳහන් කර තිබුණා.
මෙම කතාව ගෙතී තිබුණේ සිය ලිංගික අපේක්ෂා භංගත්වය නිරාකරණය කරගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමට යන තරුණියක් වටා යි. Getty Images
කාමුක කර්මාන්තයේ අතිශය ජනප්‍රියතම නිළිය බවට පත්වුණත්, අනතුරුව ඇය අසභ්‍ය දර්ශනවලට එරෙහිව නැඟිසිටින්නට වුණා. (ඒ සියල්ල එසේ වුවත් ඇය ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍ය අතින්ද අතිශය දුර්වල වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 1987 දී ඇයට අක්මාවක් ද බද්ධ කිරීමට සිදුවුණා.)
ලින්ඩා 2002 අප්‍රේල් මස 22 වැනිදා මිය ගිය අතර, ඒ වන විට රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමිනුයි ඇය සිටියේ.

ඇගේ ජීවිත කතාව ඇතුළත් Lovelace චිත්‍රපටයේ පෝස්ටරය.. (මෙහි ලින්ඩාගේ චරිතය සුප්‍රසිද්ධ නිළි Amanda Seyfried විසින් නිරූපණය කළා. Daily Mail Getty Images
ලින්ඩා ලව්ලේස් මේ මොහොත වන විටත් (ඇය ජීවත්ව නොසිටිනා නමුත්) බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වන ‘කාමුක තරුවක්’ වන අතර, ඇගේ ජීවිතය සහ වෘත්තීය පදනම් කරගනිමින් චිත්‍රපටයක් ද නිකුත් කෙරුණා. (ඒ චිත්‍රපටයේ නම Lovelace)
‘ලව්ලේස්’ චිත්‍රපටය තුළ ලින්ඩාගේ අවුරුදු 20 – 32 අතර කාලයේ සිදු වූ සිදුවීම් ඇතුළත් ව තිබුණා

















