BREAKING NEWS
Search

පාසල් සිසුවෙක් දුම්රියේ ගැටෙයි

423

පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක් වේ.

ඔහු සිසුවා පාසල නිම වී උපකාරක පන්තියකට සහභාගි වීම සදහා කොළඹ කොටුව දෙසට පැමිණ ඇත.

ඒ අනුව, දෙමටගොඩ දුම්රිය අංගනය අසලදී එම සිසුවා දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිදුවීම පිළිබඳව දෙමඩගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

ආරක්ෂාව ගැන ජනපති රාජත්‍රාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කර ඇත.

විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරයි.

මේ අතර ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුම්වත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *