BREAKING NEWS
Search

මේ මොනවද අහන්න ලැබෙන්නේ… මව වෙනත් විවාහයක් කරගත් නිසා දරුවාගේ වගකීම බාරගත් මාමා දරුවාට කල අහස පොලොව නුහුලන අපරාධය

387

සිය සහෝදරියගේ 13 හැවිරිදි දියණිය දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගැනීමෙන් පසුව වරදකරු කරනු ලැබූ 53 හැවිරිදි තිදරු පියකුට බරපතළ වැඩ සහිත වසර 45ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා එකී සිරදඬුවම එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙස ලබාදීමට ඊයේ (24දා) නියෝග කළේය.

එකී දැරියගේ මව දැරිය කුඩා අවධියේදීම වෙනත් විවාහයක් කරගැනීම නිසා ඇය රැකබලා ගැනීමේ වගකීම භාරගෙන තිබූ විත්තිකරු ඇය සිය නිවසට රැගෙන ගොස් පුරා වසරකට ආසන්න කාලයක් ඇය දූෂණය කර තිබූ බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

දැරිය දූෂණය කිරීම ඇතුළු චෝදනා විත්තිකරු ප්‍රතික්ෂේප කොට තිබූ නමුත් දැරිය බිහි කළ දරුවාගෙන් ලබාගත් රුධිර සාම්පල හා විත්තිකරුගේ රුධිර සාම්පල උපයෝගි කරගනිමින් ලබාගත් ඩී.එන්.ඒ. වාර්තා අනුව එකී දරුවා විත්තිකරුගේ බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු එකී චෝදනාවලට අධිකරණය හමුවේ ද වරද පිළිගෙන තිබිණි. අධිකරණය නියම කළ එකී දඬුවම් නියෝගය මහාධිකරණ භාෂණ පරිවර්තක නිම්නා මල්ෂි ප්‍රනාන්දු මහත්මිය විසින් විත්කිකරුට කියවා දෙන ලදී.

ඒ.ජේ.ඒ. අබේනායක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *