BREAKING NEWS
Search

විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

908

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලය සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකේ.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ පුරප්පාඩු සඳහා නව සාමාජිකයින් පත් කිරීමජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය පැවසීය

වෙනත් පුවත්

ආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනාට රැඳවුම් නියෝග ලබාගනී

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *