BREAKING NEWS
Search

මත්පැන් සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න

241

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව කියාසිටින්නේ, යම් කාල පරිච්ඡේදයකට අදාළව ගෙවිය යුතු බද්දක් නොමැතිනම්, එයට හේතු ද අයැදුම්පතෙහි සඳහන් කළ යුතු බවයි.

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිශ්කාෂණ සහතික ලබා ගැනීමේදී 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව භාරදී එම වාර්තාව අනුව බද්ද ගෙවා තිබිය යුතු බවත්, 2024/25 තක්සේරු වර්ෂයේ පළමුවැනි හා දෙවැනි කාර්තු සදහා ස්වයං තක්සේරු මත කරනු ලබන ගෙවීම් කර තිබිය යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටින්නේ, මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන කාර්තුව දක්වා වන කාර්තු සඳහා වාර්තා භාරදී එම වාර්තා අනුව එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා බදු නිශ්කාෂණ සහතිකය ලබා ගන්නා දිනය වනවිට පියවිය යුතු මාසික ගෙවීම් ගෙවා අවසන් කර තිබියයුතු බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *