මේ කියන්න යන්නේ තවත් අවාසනාවන්ත කතාවක්..
හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ ගැටී තිබෙනවා…
එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ..
මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..
මේ අතර, පේරාදෙණිය පොලිස් වසමේ රජවත්ත විශ්ව විද්‍යාල සමූපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසලදී පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියේ ඊයේ පුද්ගලයෙකු ගැටී තිබෙනවා..
අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා..
මරණකරු වයස අවුරුදු 49ක් වූ ඕගස්ටාවත්ත, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..

















