BREAKING NEWS
Search

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් – පානදුරයම භීතියෙන් ඇළලී යයි

317

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වෙයි.

පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක් කඩා සැකකරුවන් නිවසට ඇතුළුවී ඇති බවය.

පානදුර මාදුපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙලෙස පහරකැමට ලක්වී ඇති අතර එහිදී ඔවුන් බරපතළ තුවාල ලබා තිබේ.

මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.

වෙනත් පුවත්

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලයි

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා තිබේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.

පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් සහ දේපොළ මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *