BREAKING NEWS
Search

ආධාර විලාසෙන් ආ මරුවා සිගිත්තා බිලි ගනී

727

ගාසා තීරය වෙත උඩුගුවනින් අත්හැරි මානුෂීය ආධාර පාර්සලයක් කූඩාරමක් මතට වැටි එහි සිටි 03 හැවිරිදි දරුවෙකු මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරය වෙත ගුවන් මගින් අත්හරිනු ලැබු මානුෂීය ආධාර පාර්සලයක් අවතැන් පලස්තීන පවුලක් විසු කූඩාරමක් මතට වැටීමෙනුයි මරණය සිදුව තිබෙන්නේ.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමී අයාද් නම් තුන් හැවිරිදි පිරිමි දරුවෙක්.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් අත්පත්කර ගෙන ඇති බටහිර ඉවුර ප්‍රදේශයේ දරුවන් 165 දෙනෙකු පසුගිය වසරේදී ඝාතනයට ලක්ව ඇති බවයි.

මිය ගිය සමීගේ පියා වන මහමූද් අයාද් මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වමින්

”මගේ පුතා මියයද්දී මමත් ඒ ප්‍රදේශයේම සිටියා. මම රැස්ව සිටි අයට අනතුරු ඇඟවේවා අයින් වෙලා ඉන්න කියලා. මම පොඩි දරුවන් අයින් කළා. මගේ දරුවත් මගේ ළඟ හිටියේ. මම දුවලා ගිහින් ගොඩාක් අය ඉවත් කළා. මගේ පුතාත් කූඩාරම ඇතුළට දුවලා ගියා. ඒයා හිතන්න ඇති ඒක ශක්තිමත් නිසා එයා බේරෙයි කියලා. නමුත් දෙවියනේ ඒක රෙදි – ලී වලින් අටවපු කූඩාරමක්” යැයි පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *