BREAKING NEWS
Search

පොලිසියට කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

305

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා  තුවාල ලැබූ කොස්තාපල්වරුන් දෙදෙනු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

  • රාජකාරියට බාධා කළා යැයි කියන කාන්තාවන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන්  තුවාල ලැබූයේ ඔයාමඩුව පොලිසියේ  පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාඅනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ඔයාමඩුව පොලිසිය කියයි.

ඔයාමඩුව  වන්නිහලැඹෑව, ගමේ රැඳී සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට  යාමේදී එම ගමේ පදිංචි කාන්තාවන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහර දීම සිදුකර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *