මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා රිවෝල්වර තුනක් සමග පුද්ගලයන් තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මාතර පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් 64 හැවිරිදි ප්‍රධාන සැකකරු රන් කරුවකු වන අතර ඔහු රන් ආභරන නිෂ්පාදනය කරන මුලාවෙන් මෙම ගිනි අවි නිෂ්පාදනය කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඔහුගෙන් ගිනි අවි මිලදී ගත් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් සෑකකරුවන් අතර සිටින බව පොලීසිය කියයි. මිදිගම හා තොටමුණ පදිංචි ඔවුන් රුපියල් හතලිස්දහස බැගින් මුදල් ප්‍රධාන සැකකරුට ගෙවා එම ගිනි අවි මිලදී ගෙන ඇති බව කියති.
ඔවුන් ඒවා අපරාධ සදහා භාවිතා කර ඇත්ද යන්න තවදුරටත් විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වෙනත් පුවත්
ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩු විභාගය කල් දැමීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී සිටින බවයි.ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වන දා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.
2017 වසරේ ඒකාබද්ධ විපක්ෂය විසින් තංගල්ලේ පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශයකින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක විසින් මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණා.

















