ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටිති
වෙනත් පුවත්
ලැප් ටොප් සොරාගත් අයි ආර් සී කාරයා අත්අඩංගුවට
මෙරට වලංගු රක්ෂණ සමාගම් සඳහා සේවා ලාභීන් සපයන කොළඹ 5 ලෙයාර්ඩ්ස් පාරේ පුද්ගලික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක යන්ත්‍ර ඇතුළු දේපළ සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙකු දිනක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
සැකකරු සොරාගෙන තිබූ ලැෆ්ටොෆ් පරිගණක 3 ක් එල් ඊ ඩි ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක් , විදුලි පංකාවක් ඔරලෝසුවක්, ඔරලෝසුවක් , හාඩ් ඩික්ස් එකක් ඇතුළු උපකරණ කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
ආයතනය පිරිසිදු කරන සේවකයා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පැමිණ ආයතනයේ ගේට්ටුව විවෘත කිරීමේදී කිසියම් පුද්ගලයකු තාප්පයෙන් පනින ආකාරය එම පුද්ගලයාගේ අත් දෙකෙන් පමණක් දැක ඇතැයි පොලිසිය කියයි.
එම සේවකයා ඒ පිළිබඳ කළමනාකාරිනියට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව සිදුකළ පරික්ෂාවේදී රුපියල් ලක්ෂ හතරකට අධික දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.



















