BREAKING NEWS
Search

යුවලක් පෙර පාසැල් වලට ගොස් පුංචි දරුවන්ට කල කැත වැඩේ

312

පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ සොරාගත් යුවළක් මහියංගනය පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා දියණියක් ද කැටුව මහිංගනය ප්‍රදේශයේ පෙර පාසල් සඳහා පැමිණෙන අඹුසැමි යුවළක් සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් පෙර පාසැල් දරුවන්ට ඇඳුමක් සහ පාවහන් යුගළයක් ලබාදීමට අවැසි බව පවසා එහි පාලිකාවන්ට දැනුම් දී තිබුණි.

එලෙස පැමිණි ඔවුන් පෙර පාසල් පාලිකාවන් මුලාකරමින් දරුවන් රැසකගේ ගෙල බැඳ තිබූ පංචායුධ සොරාගෙන ඇත්තේ, දරුවන්ට ඇඳුම් ලබාදීමට මිනුම් ලබාගන්නා බව පවසමිනි.

ඒ ආකාරයෙන් මහියංගනය සහ රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන්ගේ පංචායුධ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය කොල්ලකන ලද පංචායුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් තාවකාලිකව පදිංචිව ඇත්තේ, මහියංගනය ප්‍රදේශයේ කුලී නිවසකය.

පොලීසිය පවසන්නේ, මීට අමතරව මෙම යුවළ රෝගී පුද්ගලයින්ට සැත්කම් කිරීමට අවැසි බව පවසා මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක ද යෙදී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ දියණිය මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *