BREAKING NEWS
Search

තවත් ජනප්‍රිය නළුවෙක් දේශපාලනයට ?

340

2024 පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලාංකේය රංගන ශිල්පී චරිත් අබේසිංහ සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේය.

ජනමාධ්‍යවේදීන් අමතමින් චරිත් අබේසිංහ කියාසිටියේ තමන් සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවයි.

“කරුණාකර මේක තවත් නළුවෙක් දේශපාලනයට එනවා කියලා හිතන්න එපා. ඔබ මගේ වැඩ දිහා බැලුවා නම්, මම නිතරම දේශපාලනය ගැන කතාකළා. චිත්‍රපට ක්ෂේත්‍රයට පමණක් සීමා වී තිබූ මගේ දේශපාලන කටයුතු දැන් සැබෑ දේශපාලන කරළියට පැමිණ තිබෙනවා.”

දින 23ක් ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 15ම ආවරණය වන පරිදි වැඩසටහනක් දියත් කිරීමට අදහස් කරන බවද චරිත් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ද, ඒ සඳහා තරුණ පරපුර පෙරට පැමිණිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *