අයාලේ යමින් සිටි සුනඛයෙකු උප තැපැල් කාර්යාලයකට (22) දා කඩා වැදී තැපැල් කාර්යාලයට පැමිණ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුව සපා කා තිබෙනවා.
සුනඛයා මිනිසුන්ව සපා කෑමෙන් පසුවත් එම සුනඛයාව එම ස්ථානයෙන් පලවා හැරීමට තැපැල් කාර්යාලයේ සේවකයින් පියවර නොගැනීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අප්‍රසාදය පළ කළා.
සුනඛයා සපා කෑම නිසා තුවාල ලැබූවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව පැවසෙනවා.
මේ වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේ අයාලේ යන සුනඛයින් සපා කෑම නිසා ජලභීතිකාව වැළදුණු රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
එවැනි අවදානමක් තිබියදී යාපනයේ අයාලේ යන සුනඛයින් දැඩි තර්ජනයක් බවයි ජනතාව පවසන්නේ.
මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සත්ත්ත්වවේදීන්ගේ සංගමය පසුගිය වසරේදී කළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ යාපනය නගරය තුළ පමණක් අයාලේ යන සුනඛයින් 3,200ත් 3,500ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.



















